ජනපති හා අගමැති අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් එය යහපාලන රජයේ ඉදිරි ගමන් මඟ සම්බන්ධයෙන් ගන්නා පියවරක් බවත් සභානායක,රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන මා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (27දා) මේ බව කීවේය.
“අවබෝධතා ගිවිසුම මේවන විට සකස් කරමින් පවතිනවා. එය ඉදිරි දින කිහිපය තුළ අත්සන් කිරීමෙන් පසුව නව ඇමැති මණ්ඩලය දිවුරුම් දෙනවා.”