මීට දෙසතියකට පෙර අවසන් වූ ඇමෙරිකානු ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පරාජිත අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ලැබූ බහුතර ජනතා ඡන්දය මිලියන දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙවර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරීපත් වූ අතර, ඔහුට ඇමෙරිකානු ප්‍රාන්තවල නියෝජිත ඡන්ද සංඛ්‍යාව හිලරි අභිභවා යෑම ඊට හේතු විය. ඒ අනුව, ලබන ජනවාරි මාසයේදී ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරණය අවසන්ව සති දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණද, මැතිවරණයේ බහුතර ජනතා ඡන්ද මේ දක්වාම ගණනය කරමින් පැවති නිසා, ට්‍රම්ප් ඡන්ද මිලියන 62.2ක් හා හිලරි ඡන්ද මිලියන 64.2ක් ලබාගනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
මේ ආකාරයෙන් බහුතර ජනතා ඡන්ද ලැබූ ඇමෙරිකානු දේශපාලඥයන්ට සිය ජනපති සිහිනය අහිමි වූ පස්වැනි අවස්ථාව ලෙස හිලරිගේ ජනපති සිහිනය බොඳව ගිය අවස්ථාව සැලකෙයි.
ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය අනුව ප්‍රාන්තවල නියෝජිත ඡන්ද ක්‍රමය විසින් අපේක්ෂකයා තෝරාපත් කරගන්නා බැවින්, ඇතැම් ප්‍රාන්තවල ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ඉදිරියට පැමිණියද එහි බහුතර නියෝජිත සංඛ්‍යාවම එම අපේක්ෂකයා වෙත හිමිවෙයි.
පසුගිය ජනාධිපතිවරණයේදී හිලරි කැලිෆෝනියාව ආදී ප්‍රාන්ත අති විශාල බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළද, ට්‍රම්ප් වඩාත් තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක් ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීම නිසා බහුතර නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් ලැබීමට ඔහුට හැකිවිය.
මේ අතර, මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම පරිගණක ආශ්‍රිතව සිදුවූ නිසා එයට යම් විදේශීය බාධා කිරීමක් හෝ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමක් සිදුවූ බවට යම් කසුකුසුවක් පැවතියත්, හිලරි පාර්ශ්වය මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් නීත්‍යනකූල පියවරක් ගැනීමට උත්සාහ කර නැත.
මේ අතර, ප්‍රසංශා කිරීමේ දේවමෙහෙය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන තේරීපත් නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, වේදනාකාරී හැඟීම් දැන් පිළුණුව ඇතත්, නොඉවසුම්ගති එක් රාත්‍රියකින් පහව නොයන බවය.
"අවාසනාවකට වගේ ඒවා බොහොම වේගයෙන් පහව යන්නේ නැහැ. නමුත්, අපිට පෙර අපට අතීතය එක්කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. වොෂිංටනයට සැබෑ වෙනසක් කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. අපේ නගරවලට සැබෑ ආරක්ෂාවක්, සෑම පළාතකම සිටින අපේ ජනතාවට සැබෑ සෞභාග්‍යයක් උදාකර දිමට අවස්ථාව ලැබී තිබෙනවා."
මේ අතර, බදාදා දිනයේදී ට්‍රම්ප් සිය නව රජයේ තවත් වැදගත් පත්කිරීම් දෙකක් සිදුකළ අතර, එහිදී. නිකී හැලෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව ඇමෙරිකානු තානාපති ධුරයටත්, බෙට්සි ඩිවොස් අධ්‍යාපන ලේකම්වරයා ලෙසත් පත්කිරීම සිදුකෙරිණි.