කැළුම් බණ්ඩාර
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අනුයුක්ත කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරු 25 දෙනාට පසුගිය අවුරුදු 3 සඳහා රුපියල් මිලියන 37 කට අධික මුදලක් වැය කොට ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.
ඔවුන් ආර්ථික, නීති, අධ්‍යාපන, සමාජ හා ජනවාර්ගික කටයුතු, ආගමික කටයුතු හා ආරක්ෂක කටයුතු වැනි ක්ෙෂ්ත්රයන්ට පත්කොට ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායකඅනුර කුමාර දිසානායක මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් මේ බව හෙළි කළේය. ඔවුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සිට උපාධිය දක්වා පරාස තුළ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති අය බවද ඔවුන් විසින් තම කාර්ය සඳහා ලබාදෙන දායකත්වය සෑහීමකට පත් විය හැකි එකක් බවත් එහිදී පැවසීය.