ජනවාරි 08 වැනිදා විප්ලවය සාර්ථක කරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ඊළඟ අවුරුදු පහේදී අලුත් ආණ්ඩුවක් බිහිකර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) ප්‍රකාශ කළේය.
ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහාය ලබාගන්නා බවද අගමැතිවරයා පවසා සිටියේය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ 70 වැනි ජන්ම දිනය වෙනුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවති විශේෂ උත්සවයේදී වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"මේ ඡන්දෙදි අපි වෙන වෙනම ඉල්ලමු. ඒත් අපේ මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන ජනාධිපතිතුමා එක්ක අලුත් ආණ්ඩුවක් ඇති කරමු. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ සඳහා අපි ඔක්කොම එකට වැඩකරන්න ඕන. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අපේ රටේ ජාතීන් ආගම් අතර එකමුතුකම ආරක්ෂා කරගන්න වැඩ කරගෙන යනවා.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතීන් වගේම එක එක ආගම්වල අයට විශාල ප්‍රශ්න තියෙනවා. මේවා විසඳා ගන්නැතිව අපිට ඉදිරියට යන්න බෑ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනවාරි 08 විප්ලවය ඊළඟ අවුරුදු පහේදි අපි ඔක්කොම එකතුවෙලා සාර්ථක කරගන්න. ජනවාරි 08 වැනිදා අපේ කණ්ඩායමට භාරදුන්න රටට වඩා තව අවුරුදු පහකින් හොඳ රටක් අපි යළිත් ජනතාවටබාරදෙනවා." යැයි පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, තමන් අතින් වූ වරදවල් ප්‍රසිද්ධියේ නිවැරදි කරගත් නායිකාවක වූ හිටපු ජනාධිපතිනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කරද්දී වඩා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතු බවයි.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.