ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්යක්ෂ ජනරාල් ධූරයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, නීතීඥ ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා අද (29) ප්‍රකාශ කළේය.
තනතුරින් ඉල්ලා අස් වීමේ ලිපිය, පසුගිය අප්‍රේල් 24 දා රාත්‍රී, ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දුන් බවද ලෙස්ලි ද්වේන්ද්‍ර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබද අධ්යක්ෂ ජනරාල් තනතුරේ සිටියදී ස්වාධීන මැයි රැලියක් පැවැත්වීම පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල