යාපනයේදී දූෂණය කොට ඝාතනයට කරන ලද විද්‍යා දැරියගේ නිවසට යෑමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මෙහිදී විද්‍යා දැරියගේ මව ඇතුළු පිරිස ජනාධිපතිවරයා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පවුලේ සුව දුක් විමසීම සඳහා නිවසට පැමිණෙන බව ජනාධිපතිවරයා විසින් විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුවක් අනුව ජනපතිවරයා මෙසේ වව්නියාව ප්‍රදේශයේ ඇති නිවසට ගිය බව ජනපති මාධ්‍ය අංශය පැවැසීය.
විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් දැක්වෙයි.
විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව විසින් ජනාධිපතිට සිය කෘතඥතාවය පළ කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.