පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා මෝල්ටා රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද (28දා) සිදු වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
යුද්ධයෙන් සියලු ජනකොටස් අතර සාමය සහ සංහිදියාව ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙල ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ පැසසුමට ලක්වූ බවද මාධ්‍ය අංශය පවසයි.
මේ අතර ජනපතිවරයා හා කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා අතර හමුවද අද (28දා) සිදු වූ බවත්, නිදහස සහ ප්රජාතන්ත්රවාදය තහවුරු වූ ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කිරීම සදහා ලබාදිය හැකි සියලු සහය ලබාදෙන බව කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද ජනපති මාධ්‍ය අංශය පැවැසීය.
එසේම ජනපතිවරයා හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අතර හමුවද අද (28දා) සිදු වූ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන සඳහා අවැසි සහයෝගය ලබාදිමටද සූදානම් බවද ඔහු සඳහන් කර තිබේ. එහිදී පවුම් මිලියන 6.6ක ආධාර ලබාදීමටද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකග වී තිබේ.