බ්‍රිතාන්‍යයේ පෞද්ගලික සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(17දා) යළි දිවයිනට පැමිණියේය. අද පස්වරු 3.30ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 656 දරණ යානයෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අතර ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ පසුගිය 13 වන දාය.