විධායක ජනාධිපති ධුරය අහෝසි වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය අවසන් වීමෙන් පසු ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (18දා) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා වූ ක්‍රියාවලිය අගමැතිවරයා ප්රමුඛ කමිටුවක් මගින් සිදුකිරීමට යෝජනා කර ඇති අතර, එම කමිටුව සඳහා නම් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා එහිදී අගමැතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ මාස 06 ක කාළයක් තුළ අදාළ තීරණ ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත්, ඒ අනුව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව එය ක්‍රියාත්මක වන බවත් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.