ඉන්දු - ලංකා ධීවර ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා සමීපව කටයුතු කළ බවත් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එසේ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ධීවර ගැටලුව සඳහා විසඳුම් ලබාදීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා ඇති බවට ද හින්දු පුවත් සේවය උපුටා දක්වමින් නාමල් මන්ත්‍රීවරයා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුම හරහා නිවේදයක් නිකුත් කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ සාකච්ඡා කල් දැමීම උතුරු ධීවරයින්ට දැඩි ලෙස බලපාන ඇති බවත්, යුද්ධයේදී විවධ ගැටලුවලට මුහුණ දුන් එම ජනතාවගේ ජීවිකාවටද හානියක් ඇතිව තිබෙන බවයි.