වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුද්ගලයන් 35 දෙනෙකු ජනාධිපති නීතිඥයන් ලෙස පත්කර ඇති බව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදලේඛනයක දැක්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් පෙරේදා(11දා) පාර්ලිමේන්තුවේදී මෙය සභාගත කළේය.
ඒ අනුව මේවසරේ(2017ජූනි දක්වා) ජනාධිපති නීතිඥයන් 28ක්, 2016 වසරේදී ජනාධිපති නීතිඥයන් 05ක්, 2015 වසරේදී ජනාධිපති නීතිඥයන් 02කු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.
2010 සිට 2014 වසර දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පුද්ගලයන් 48 දෙනෙකු ජනාධිපති නීතිඥයන් ලෙස පත්කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව 2014 වසරේ ජනාධිපති නීතිඥයන් 08ක්, 2013 වසරේ ජනාධිපති නීතිඥයන් 02ක්, 2012 වසරේ ජනාධිපති නීතිඥයන් 24ක්, 2011 ජනාධිපති නීතිඥයන් 02ක් සහ 2010 වසරේ ජනාධිපති නීතිඥයන් 12ක් එලෙස පත්කර තිබේ.
දයා පැල්පොල, ආරිය බී රැකව, ජේ.සී වැලිඅමුණ, යූ. ආර් ද සිල්වාපාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහත්වරුන් ඇතුළු 28දෙනෙකු මේවසරේදී ජනාධිපති නීතිඥයන් ලෙස ජනාධිපතිවරයා විසින්පත්කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඉ) ව්‍යවස්ථාව යටතේ නීතීඥ වෘත්තියෙහි විශිෂ්ටත්වයට පත්වූ, පැවැත්මෙහි සහ වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙහි උත්කෘෂ්ට තත්ත්වයන් පවත්වාගෙන ඇති නීතීඥයන්, ජනාධිපතිවරයා විසින් ජනාධිපති නීතීඥයන් ලෙස පත්කිරීමට ප්‍රතිපාදන ඇති බව එම ලේඛනයේදී සඳහන් වේ.
එමෙන්ම නීතීපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරුන් ලෙස පත්වන නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක තනතුරට පත්වන්නන් හට සම්ප්රදායක් ලෙස ජනාධිපති නීතීඥ තනතුරට පත්කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.