සයිටම් ගැටලුවට ඊයේ (28දා) දිනය තුළ රජය ලබාදෙන දෙන විසඳුම ප්‍රකාශයට පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත්, එම පොරොන්දුව මේ වනවිට කඩවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා බවට වාර්තා වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
කෙසේනමුත් රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට හෙට දිනයත් රජයට ලබාදීමට සංගමය තීරණය කළ බවත්, එසේ නොමැති වුවහොත් 31 වන බ්‍රහස්පතින්දා මෙයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට විධායක කමිටුව කැඳවීමට සංගමය තීරණය කළ බවද පවසා සිටියේය.
පොරොන්දුව කඩ කිරීම සමස්ත ජනතාවගේ බලාපොරොත්තු සුන් කිරීමක් බවද එම සංගමය සඳහන් කරයි.