ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් මස අගභාගයේදී හෝ දෙසැම්බර් මස මුල් භාගයේදී ඉරානයේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ මෙහ්ර් පුවත් සේවය වාර්තා කළේ, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලෝක නායකයන් කිහිප දෙනෙකුම ඉදිරි මාස කිහිපයේදී ඉරානයේ සංචාරයක නිරතවන බවයි.
ඉරානය හා ශ්‍රී ලංකාව හා අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ජනපතිවරයාගේ මෙම සංචාරය සිදුවෙයි.
ඉන්දුනීසියාව, ෆින්ලන්තය, බොස්නියාව හා හර්සගෝවිනා, වෙනිසියුලාව යන රටවල්හි නායකයන් ඉරානයේ සංචාරය කිරීමට නියමිතය.