ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆෙස්බුක් ගිණුමට හිමිව ඇති මනාප සංඛ්‍යාව (Likes) ලක්ෂ 11 සිමාව ඉක්මවා ගොස් තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු විසින් එම සීමාව ඉක්මවා ගිය පළමු පුද්ගලයා බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව තිබෙනවා. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගිණුමට Likes 1,101,781 ක් හිමිව ඇත.
ඔහු හා සම මට්ටමේ සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමට Likes 1,068,880ක් හිමිව තිබේ. ඒ අනුව මිලියනයක් ඉක්මවා ෆේස්බුක් Likes ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකාවේ පළමු දේශපාඥයින් දෙදෙනා වන්නේද ජනපති මෛත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතායි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් වැඩිම ෆේස්බුක් Likes ප්‍රමාණයක් හිමිකරගෙන ඇති පුද්ගලයා වන්නේ ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය සුපිරි නිළි ජකලින් ෆර්නැන්ඩස්ටය ඇයගේ ෆේස්බුක් ගිණුමේ පවතින Likeය ප්‍රමාණය මිලියන 21 ඉක්වමා ඇත. ඉන්පසුව කුමාර් සංගක්කාර සිටින අතර ඔහුගේ ගිණුමට ලක්ෂ 45ක් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.