ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතරත්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අතරත් බැලූ බැල්මට මත ගැටුමක් පවතින බව පෙනෙන්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. වැට් සංශෝධනය, බියර් ආනයනයේදී බදු සහන දීම වැනි ක්රියාවන්වලිදී ඒ බව හොඳින්ම දැකගත හැකි වූ බවද මන්ත්‍රීවරයා පවසයි.
නාමල් රාජපක්ෂ මහතා විසින් 'අද' පුවත්පතට ලියන කුරහන් සුවඳ තීරු ලිපියෙන් ඔහු මේ බව හෙළි කළේය. අද (12දා) 'අද' පුවත්පතේ මෙම ලිපිය පළවිය. එහි උපුටා ගත් කොටසක් පහත දැක්වෙයි.
"ජනාධිපතිවරයා හා මුදල් ඇමතිවරයා අතර යම්කිසි මත ගැටුමක් තිබෙන බවට බැලූ බැල්මට අපට පෙනෙන්නට තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ප්‍රසිද්ධියේ එක් දෙයක් කියද්දි,මුදල් ඇමතිවරයා වෙනත් දෙයක් ක්‍රියාවට නංවනවා. වැට් බදු වැඩි කිරීමට කටයුතු කිරීමේදී මේ බව හොඳින්ම පෙනෙන්නට තිබුණා. වැට් බද්ධ සංශෝධනය කරන බවටත්, එහි ඇති අසාධාරණ දෑ ඉවත් කරන බවටත් ජනපතිවරයා ශපථ කරමින් කියා සිටියා.
නමුත් මුදල් ඇමතිවරයා මේ බව කිසිසේත්ම ගණන් නොගනිමින් එම වැට් පනත පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරන්න කටයුතු කළා. කොහොමවුණත් එයට එරෙහිව ආපු පෙත්සම් සලකා බලමින් වැට් බදු පැනවීම තාවකාලිකව නවතා දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළාට පස්සෙත් ජනාධිපතිවරයා කීවේ වැට් සංශෝධනයේ පවතින හානිදායක දෑ නොගෙනෙන බවයි. නමුත් වචන වෙනස් කරමින් පරණ වැට් බද්දම ගෙනත් තිබෙනවා.
වැඩියෙන්ම බියර් බොනනේ කාන්තාවන් බවත්, එය සමාජ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා එක් තැනකදී ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා එහෙම කියද්දී මුදල් ඇමති රවි කරුණානායක මහතා කරන්නේ බියර්වලට තිබෙන බදු ඉවත් කිරීමයි. එහෙම බදු සහන දෙන එක සාධාරණීකරණය කිරීමට මුදල් ඇමතිවරයා කියනවා.
පසුගිය කාලයේ බලපෑ අධික ගංවතුවෙන් බියර් කර්මාන්ත ශාලාවට අධික අලාභයක් වූ නිසා මෙම බදු සහන දෙන බවයි. නමුත් ඒ බදු සහනය ගංවතුරින් විනාශ වුණ කුඩා ව්‍යාපාර වෙනුවෙන් ලබාදෙන්න මුදල් ඇමතිවරයා කටයුතු කළේ නෑ. ගංවතුර නිසා ව්‍යාපාර කරගන්න බැරිව ඉන්න ව්‍යාපාරිකයන්ට සහනයක් දුන්නේ නෑ. නමුත් ලංකාවේ බියර් ආනයනය කරන විශාලම සමාගමට බදුවලින් තොරව බියර් ආනයනය කරන්න අවස්ථාව දෙනවා. මේවා බලාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ රටේ දේශීය කර්මාන්ත වට්ටන්න දැවැන්ත හස්තයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි. ඒ වගේම මේ පිටිපස්සේ සැඟවුණ රහස් ගණනාවක් ඇති ඒවා ඉදිරියට එළියට එයි."