ජනාධිපති මන්දිරය ඉදිරිපිට සම්මාන මුර රාජකාරිය යුධ හමුදා පොලිස් හේවා බලකා විසින් නාවික හමුදාවට පැවැරීම ඔක්තෝබර් 01 දා සිට සිදුවෙයි. ඒ අනුව ජනපති මැදුර ඉදිරිපිට කරන සම්මාන මුර නාවික හමුදාව විසින් සිදුකිරිමට නියමිතය.
සම්මාන මුර රාජකාරිය නිලවශයෙන් පැවැරීම පළමුවැනිදා පෙ.ව. 8.00ට සිදුවෙයි.
ඒ සඳහා පෙර පුහුණුවීම් හේතුවෙන් හෙට (30දා) උදෑසන 8.00 සිට උදෑසන 9. 00 අතර කාලයේදීත්, ජනාධිපති සම්මාන මුර රාජකාරිය පැවැත්වෙන අනිද්දා දිනයේදීත් උදෑසන 8. 00 සිට උදෑසන 9.00 අතර කාලයේදී ජනාධිපති මාවත ඔරලෝසු කණුව අසල සිට ජනාධිපති මාවත බාරොන් ජයතිලක මාවත හන්දිය තෙක් වසා තැබෙන බව පොලීසිය පවසයි.
සිදුවන අපහසුතාවය මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය කියයි.