ජනපති - මැ කො හමුවක්
යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟදීම මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවනු ඇති බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ මහතා පවසා සිටියේ, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම දින 100 වැඩපිළිවෙළ තුළින් දුන් පොරොන්දුවක් බැවින් ඉන් බැහැරවීමට නව රජයට නොහැකි බවයි.
එබැවින් රටට ඔබින මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම කාලෝචිත බවත්, එය පැරණි කේවල ක්රමයේ සහ පවත්නා සමානුපාතික ක්රමයේ සම්මිශ්‍රණයක් විය හැකි බවත් ඔහු පැවසීය.
ඒ සඳහා අවශ්‍ය නම් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම් තුළ තමා මේ පිළිබඳව අදහස මතු කළ බවද හෙතම පැවසීය.
එසේම දින 100 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සුපරීක්ෂණයට සහ අධීක්ෂණයට පත්කළ ජාතික විධායක සභාව තුළද තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයා ලෙස මේ පිළිබඳව කතා කළ බවද ඒ මහතා පැවසීය.
අවශ්‍ය නම් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය දින 40 කට අඩු කාලයක් තුළ ක්‍රියාත්මක කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

