(VIDEO) තමා ජනපති මන්දිරියේ සිටියානම් එහි මාසික විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ 75ක් පමණ වෙන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) ජනපති මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් පැවැසීය. එසේම මේ වන විට තමා පදිංචි වී සිටින මහගමසේකර මාවත නිවසේ විදුලි බිල සඳහා සතයක් වියදම් නොවන බවත් තමා එම නිවසට සූර්ය බල පද්ධතියක් සවිකර ඇති බවත් පැවැසීය.
ඒ අනුව මේ වන විට ජනපතිවරයා වශයෙන් තමන් ජාතික විදුලිබල සැපයුමට විදුලිය ලබාදෙන බවද ඔහු මෙහිදී පැවැසීය. එසේම තමා බලයට පත්වී අවුරුද්දක් හා මාස 8ක් ගතවන විට තමා තරම් ගැටලු හා ප්රශ්නවලට මුහුණ දුන් ජනපතිවරයෙකු ශ්රී ලංකාවේ නොසිටි බවද ජනපතිවරයා පැවැසිය.
එසේම මැතිවරණය ප්රකාශයේ තිබෙන කරුණු පැය 24කින් විසදිය හැකිනම් එයට අත්සන් යෙදිමට තමා කිසිසේත්ම පසුබට නොවන බවද ඔහු පැවැසීය. තමා ගමන් කරන්නේ දුෂ්කර මෙන්ම අභියෝගාත්ම ගමනක් බවත් එය බොහෝ දෙනෙකුට අවබෝධයක් නැති බවත් ඔහු පැවැසීය.