සිය තායිලන්ත සංචාරය නිම කරමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (10දා) රාත්රියේදී යළි දිවයිනට පැමිණියහ. තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට එක්වීම සඳහා ජනපතිවරයා තායිලන්ත සංචාරයට එක්වූයේය. ජනපතිවරයා සමුළුව ඊයේ ඇමතීය.