අට වැනි පාර්ලිමේන්තුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) පාර්ලිමේන්තුව ඇමතීය. ඔහු මෙහිදී රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළේය.
සිය කතාව ආරම්භ කරමින් ජනපතිවරයා සඳහන් කළේ ළමුන් ලැප්ටෝප් පරිගණක රැගෙන පාසල් යන කාලය වැඩි අෑතක නොවන බවයි. වර්තමානයේදී ලෝකය අත්ල මතට පැමිණ ඇති බවත් ඔහු කීවේය.
එහිදී ජනපතිවරයා කළ කතාව සංක්ෂිප්තව
අදින් ඇරඹෙන පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තුවක්.
සම්මුතිවාදී සන්ධාන ආණ්ඩුවක් ගොඩ නැගුවා.
ජාතික හා ජාත්‍යන්තර අභියෝග වලට මුහුණ දීමට සම්මුතිවාදී ආණ්ඩුවක් අවශ්‍යවූයේ පශ්චාත් යුද සමය ආරම්භයේදීයි.
සම්මුතිවාදී සන්ධානයේ ප්‍රධාන අරමුණ වන්නේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති සකස්කරමින් 2020දී රට සංවර්ධිත ආර්ථිකයක් බවට පත්කිරීමයි.
දියුණු රටවල් හා අප අතර පවතින සංවර්ධන පරතරය අවම කර ගැනිම සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ එකගතාවයක් අවශ්‍ය බව මම ජනපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළා.
රටේ නව දේශපාල සංස්කෘතියක් බිහිවීම සඳහා සම්මුතිවාදි රජයක් අවශ්‍ය බව මා විශ්වාස කළා.
මෛත්රීපාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.
නිදහසින් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්තා තුනක් සිදුවුවත් සියලු දෙනාට එකග විය හැකි ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වුණේ නෑ.
විධායක ජනපතිධුරය තවදුරටත් පැවැතිය යුතුද යන්න අවසන් නිගමනය මෙම පාර්ලිමේන්තුවේ වගකීමයි.
වඩාත්ම සුදුසු මැතිවරණ ක්‍රමයක් සැකසීමේ වගකීමද මෙම පාර්ලිමේන්තුවට තියෙනවා.
අපට අවශ්‍ය දේශපාලන තීන්දු තීරණ ප්‍රතිපත්ති සකස් කිරීමට වගකීම තිබෙන්නේත් මෙම පාර්ලිමේන්තුවටයි.
ජනපතිවරයා වශයෙන් ලබාදිය යුතු සහයෝගය මම ලබා දෙනවා.
ප්රජාතන්තවාදී ජාතියක් ලෙස ජනතාව ඔසවා තැබීම පාර්ලිමේන්තුවේ වගකීමයි.
නිපුණතා සංවර්ධනය මගේ රජයේ ප්රමුඛ කටයුත්තයි.
ස්වාභාවධර්මයේ අපට ලාබා දී ඇති දායාදයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන අයුරින් ප්‍රතිපත්ති සැකසිය යුතු වෙනවා.
ජාතික ආර්ථිකයට අවිධිමත් ආර්ථික ක්ෂේත්‍ර යෙන් දැඩි දායකත්වයක් ලබා දෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුවෙනවා.
දූෂණය වංචාව හා නාස්තිය පිටු දැකීම මගේ රජයේ ප්රමුඛ කාර්යයක්.
රාජ්‍ය දේපල අවභාවිත කළ අය අධිකරණයට ඉදිරිපත් කිරීමට පසුබට වන්නේ නෑ.
දියුණුවේ ප්රතිලාභ ලබාදීම සඳහා ආදායම් බෙදී යාමේ විශමතාව අඩුකළ මධ්‍යම පංතිය තවදුරටත් ශක්තිමත් කළ යුතු වෙනවා.
දුෂ්කර ගම්මාන සඳහා සංවර්ධන අරුණලු ගෙනයාම මගේ රජයේ අරමුණයි.
හරිත ආර්ථිකය හා තිරසාර සංවර්ධනය කරා ලෝකය ගමන් කරනවා.
පරිසරයට හානි නොවන ලෙස සංවර්ධනය ඇති නොවිය යුතුයි.
සෙබාදහමට එරෙහිව ස්ථිර සංවර්ධනයක් ඇතිකළ නොහැකියි.
නූතන සංවර්ධනයේදී අපේ බෞද්ධාගමික දර්ශනය වැදගත් වෙන බව මම විශ්වාස කරනවා.
ගෝලීයකරණයේදී ලෝකයේ සෑම රටක්ම අපට වැදගත්.
මාගේ රජය අසිායනු කේන්ද්‍රීය මැද මාවතේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
ජිනීවා වැනි ප්‍රශ්න වලදී ජාත්‍යන්තරයේ විශ්වාසය අවශ්‍ය වෙනවා.
ජාත්‍යන්තරයේ අපට ඇති තත්ත්වය වර්ධනය කර ගැනිමට අපට හැකිවුණා.
ගෙවත්ත ගම හා රට කේන්ද්‍රකරගත් ප්‍රතිපත්තියක් දැනටමත් ආරම්භ කර තිබෙනවා.
රටක සංවර්ධනයට කෘෂිකර්මාන්තය අත්‍යාවශ්‍ය කරුණක්.
මහාමාන්‍ය ඩි.එස්. සේනානානයක දර්ශණය මම මෙහිදී විශේෂයෙන් මතක් කරනවා.
කෘෂි කර්මාන්තයට නවීන තාක්ෂණය යොදා ගන්නවා.
මත්ස්‍ය සම්පතින් ප්‍ර යෝජන ගැනීමට කඩිනමින් කටයුතු කර යුතු වෙනවා.
සාගර විද්‍යාව වැඩි වශයෙන් රටේ සංවර්ධනයට දායක කර ගත යුතුවෙනවා.
පෞද්ගලික අංශය නගා සිටුවීමේදි දේශීය කර්මාන්ත ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.
විදේශ ආයෝජන ලබා ගැනීමේදී ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීමට කටයුතු කරනවා.
රටක සංවර්ධනය රාජ්‍ය පෞද්ගලික හා සිවිල් අංශය එක සේ වැදගත් වෙනවා.
වෙනස් නොවන ආර්ථික ප්‍රතිපත්තියක් පිළිබඳව මගේ රජයේ අවධානය යොමුව තිබෙනවා.
ආරක්ෂක අංශයේ සියලු දෙනාට අභිමාවත් ලෙස ජිවත්වීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.
රැකියා ලබා දීමේදී දේශපාලන අතගැසීම් කිරීමට මගේ රජයේ ඉඩක් දෙන්නේ නෑ.
කාන්තාවන් වෙනුවෙන් ප්රමුඛ අවධානයක් යොමු කරනවා.
දරුවන් අපේ අනාගතයයි.
නව දැක්මකින් ඉදිරියට යාමට කටයුතු කළ යුතුයි.
මත්ද්ර්ය භාවිතය රටේ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. සියලුම ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය නිවාරණය කිරීමට ක්‍රියාත්මක වෙනවා.
නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මම කැපවී සිටිනවා.
මව් රටට සේවය කිරීම සඳහා පැමිණෙන ලෙස විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
රට පාලනය කළේ ප්‍රධාන පක්ෂ දෙකක් විසින් එකිනෙකාගේ කාලය ගැන කල කී දේ ගැන දෝෂාරෝපනය කරමින් කටයුතු කිරීම නැවත්වීමට මට සහාය දෙන ලෙස ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
සම්මුතිවාදී දේශපාලනය පිළිබඳව අවධානය යොමු කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.