ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (07දා) දහවල් පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ අනුව පාර්ලිමේන්තු සැසියටත් ඔහු සහභාගී වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන් පෞද්ගලික සමාගම්හි අධ්‍යක්ෂකවරුන් ලෙස රාජකාරීකරන බව සඳහන් කළේය.
එයට පිළිතුරු ලබාදුන් ජනපතිවරයා පැවැසුවේ එවැනි ලේකම්වරුන් පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසයි.