ජනපති ප්‍රජා සත්කාර සේවය අද(07) බලංගොඩ, වේලිඔය, කොටවෙහෙරමන්කඩ මහ විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
එම වැඩසටහන පෙරවරු 08.00ට ආරම්භවේ. ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ග්‍රාමිය ප්‍රදේශවල පවතින ප්රමුඛ සෞඛ්‍ය හා සමාජීය ගැටළු හදුනාගෙන එවාට අවශ්‍ය කාලීන විසදුම් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.
වැඩසටහන යටතේ ඇස් පරීක්ෂා කර ඇස් කණ්නාඩි ලබාදීම සහ ශෛල්‍ය කර්ම සඳහා යොමු කිරීම, බෝ නොවන රෝග හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම, ගැබ්ගෙල පිළිකා, මුඛ පිළිකා සහ පියයුරු පිළිකා සඳහා පරීක්ෂණ සිදු කිරීම ඇතුලු සේවා රැසක් ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.