ජනපති පදවි ප්‍රාප්තිය සමරමින් රඹූක්කන දියසුන්ත පදිංච් පනස් හැවිරිදි එස්.පි. වික්‍රමසිංහ මහතා රඹූක්කන සිට කොළඹ දක්වා ඇවිද යමින් එය සැමරිමට Bfha ( 07) උදෑසන සිය ගමන රඹූක්කනින් ආරම්භ කළේය. වික්‍රමසිංහ මහතා පවසන්නේ මෛත්‍රීපාල ජනපති තුමන්ගේ සංකල්පයක් වන‘ ක්රිඩාවවෙන් නිරෝගි සිරුරක් සුවබර මනසක්’’ යන තේමාව මුල් කර ගනිමින් එය පසක් කිරිම උදෙසා මෙම කටයුත්තේ නිරත වන බවයි.
උදෑසන 6 ට ආරම්භ කරන ලද ඇවිද යෑමේ කටයුත්ත කොළඹ දක්වා යන්නේ දින දෙකක කාලයක් උපයෝගි කර ගෙනයි. රඹුක්කන අශෝක ක්‍රිඩාංගනය ඉදිරිපිටින් ඇරබි ඇවිදිමේ ආරම්භය වික්‍රමසිංහ මහතා පවසන පරිදි පළමු දිනයේ බැලූම්මහර හංන්දිය හෝ මිරිස්වත්ත නගරය වෙත තමන් ඇවිද යන්නට බලාපොරොත්තු වන බවත් සමහර විටක මෙම ස්ථානද පසු කර යෑමට ඔහුට හැකි වනු ඇතැයිද එතෙම අපි සමග කිය.
මෙම ඇවිදන් යාමේදි පැයකට කිලෝම්ටර් 10 ක් හෝ 9 ක් යා හැකි බවද වික්‍රමසිංහ මහතා පැවසිය කොළඹට දෙවන දිනයේ ලගා වෙන තමන් කොළඹ නගරයට පැමිණෙන බවට ජනාධිපති කාර්යාලය හා නගරයේ පොලිස් ස්ථාන යනආදිය සියල්ල දැනුවත් කර ඇති කියයි.
2011 වසරේද ගිනස් වාර්තාවක් වෙනුවෙන් රඹූක්කන අශෝක ක්‍රිඩාංගනයේදි මිටර් 200 ක් වු ධාවන පථයේ වට පන්සියක් පැය 11.38 කට ඇවිදමින් ගිනස් වාර්තාවක් ඔහු විසින් තැබිය. වික්රමංසිහ පවසන පරිදි ශ්‍රී ලංකා මළළ ක්‍රිඩා වෙද්‍ය ඒකකයෙන් තමන් එම කටයුත්ත සාර්ථකව කර බව දන්වමින් ගිනස් පොතට එය යොමු කරන ලද සහතික පතද තමාට තිබෙන බව ඔහු අපට පවසයි.
තමා වෙනුවෙන් කවුරුන් හෝ අනුග්‍රහයක් දක්වන්නේ නම් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට ඇවිද යමින් ලෝක වාර්තාවක් තබන්නටද වික්‍රමසිංහ තව දින දෙකකින් වුවත් සුදානම් බව ඔහු පවසයි.
හෙම්මාතගම විජය බංඩාර
හෙම්මාතගම විජය බංඩාර