හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමක් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන් සමග හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතය.
ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එවැනි හමුවක් පැවැත්වෙන ප්රථම අවස්ථාව මෙය වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා ඊයේ (29දා) මෙරටට පැමිණියේය.
හෙට පැවැත්වෙන රැස්වීමේදී ඉදිරි ජනාධිපතිරණයට අදාළ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ගෙන ඇති බවට විශ්වාස කෙරේ.එසේම එහිදී ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ සමාලෝචනයක්ද සිදු කෙරෙනු ඇත.