චීනයේ උරුම්කි නගරයේ දුම්රිය නැවතුම්පළකට එල්ලවූ ත්රස්ත ප්රහාරයට ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනපති ෂී ජින්පින්ග්ට ශ්රී ලංකාවේ ශෝකය ප්රකාශ කරමින් ලිපියක් යොමුකර තිබේ.
මෙම බෝම්බ ප්රහාරය හේතුවන් තිදෙනෙක් මියගොස් තවත් 79ට ආසන්න ප්රමාණයක් තුවාල ලැබූහ. බෝම්බ ප්රහාරය පසුගිය 30 වැනිදා එල්ලවිය.
බෝම්බ ප්රහාරයෙන් තවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන බවත් තමා මෙන්ම සියලු ශ්රී ලංකා ජාතිකයන් මෙම සිදුවීම පිළිබඳව කනගාටුව ප්රකාශ කරන බවත් ජනපතිවරයා සිය ශෝක පණිවුඩයෙන් පවසයි.