ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ කටාර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතය.
මෙහිදී ශ්‍රීලංකාව සහ කටාර් රාජ්‍යය අතර ක්ෂේත්‍ර තුනකට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත අතර, ඒසඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බලශක්ති අවශ්‍යතාව සපුරාගැනීම සඳහා බලශක්ති ක්ෂේත්රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්ද, රාජ්‍යතාන්ත්‍රික පුහුණුව හා පර්යේෂණ ක්ෂේත්රයේ සහයෝගිතාව සම්බන්ධ අවබෝධතා ගිවිසුමක්ද, ජල සම්පාදන හා අපජල කළමනාකරණ ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහාද මෙහිදී අත්සන් තැබීමට නියමිතය.
ලබන 24, 25 සහ 26 යන තෙදින තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් නිල සංචාරයේ නිරතවීමට නියමිත අතර, ඒසඳහා අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ද සහභාගි වීමට නියමිතය.