ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 71 වැනි සැසිවාරයට එක්ව සිටින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අනිද්දා (21දා) එම සැසිවාරය ඇමතීමට නියමිතය. පසුගිය 13 වැනිදා නිල වශයෙන් ආරම්භ වූ සමුළුව එළඹෙන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවැනි අවස්ථාව මෙයයි.
'අපේ ලෝකය වෙනස් කිරීමට විශ්වීය ජවයක්' යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් රාජ්ය නායකයන් අදහස් දැක්වීමට නියමිතය.
එසේම සමුළුව අතරතුරදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන විවෘත රාජ්ය සම්බන්ධතා පිළිබඳ වැඩසටහනකදීදජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින්අදහස් දැක්වීමට නියමිතය. මෙවර සැසිවාරය ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ හා එකසත් ජතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ අවසාන සැසිවාරයද වෙයි.