යාපනය දිස්ත්‍රික්කයේ ඇත්වූ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජනපනති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) දහවල් යාපනයේ හදිසි සංචාරයක නිරතවිය.
යාපනයට පැමිණි ජනාධිපතිවරයා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්.පලිහක්කාර ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී පැවති රැස්වීමකට සහභාගී වෙමින් කියා සිටියේ පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස හෙළාදකින බවත්, යාපනය දිස්ත්‍රික්කයේ එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලාගත යුතු බවත්ය.
සිසුවිය දූෂණය කර මරා දැමුණු සැකකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණයට ගල් මුල් ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවත් ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා , නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරී යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවටසහභාගී වූහ.
ව්වුනියාව මධුශංක අමරසිංහ/ චාමර සම්පත්