(VIDEO) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18දා) සවස ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට ළගා වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
නිව්යෝක් නුවර ජෝන්. එෆ්. කෙනඩි ගුවන් තොටුපොළින් ඔහු ඇමෙරිකාවට පැමිණියේය. අමාත්‍යවරුන් වන මංගල සමරවිර, ගයන්ත කරුණාතිලක, ෆයිසර් මුස්තාපා, අජිත් පී. පෙරේරා යන මහත්වරුද මෙම සංචාරයට එක්ව සිටිති.