වසර 35ක් තමා දේශපාලනය කළද ස්වේච්ඡා සේවය පිළිබඳව ඉගෙන ගනු ලැබුවේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් බවත්, ඇය රෝහල් හයක පමණ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වය දරා රෝගීන්ට පිහිටවන බවත්සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.
තමාටත් දැන් සමාජ සේවයේ යෙදීමට කැමැත්තක් ඇතිවූයේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නිසා බවද අමාත්‍යවරයා අද (14 දා) ගලධාරී හෝටලයේ පැවති උත්සවයක් අමතමින් පැවසුවේය.