ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක් දින චාරිකාවක් ආරම්භ කරමින් අද (20දා) සවස අබුඩාබි නගරය වෙත ළඟාවිය.
මහනගර සභා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙ සභාපති මජෙද් අලි-අල් මන්සූරි හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය මහින්ද බාලසූරිය යන මහත්වරු ජනාධිපතිවරයාව ගුවන් තොටුපොළේදී පිළිගත්හ.
අද සවස පැවැත්වීමට නියමිත සයිඩ් අනාගත බලශක්ති සම්මාන ප්‍රදානෝත්සවයට (Zayed Future Energy Prize Awards Ceremony) සහභාගි වීම ජනාධිපතිවරයාගේ චාරිකාවේ ප්‍රධාන අංගයක් බව පැවසෙයි.
ඵලදායී නව්‍යකරණයේ දිගුකාලීන දර්ශනය හා පුනර්ජනනීය බලශක්තිය හා තිරසාර නායකත්වයේ සාර්ථකත්වය අගයනු පිණිස තේමාව කරගනිමින් මෙම සම්මානයන් වාර්ෂිකව පිරිනමන බව එම වෙබ් අඩවිය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
අබුඩාබි චාරිකාවේදී ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වන අතර, එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්රජාවද හමුවීමට නියමිත බව පැවසෙයි.