සිව්දින නිල සංචාරයක් සඳහා චීනයට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30දා) නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනපතිවරයා සිය සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු සඳහා එක්වීමටද නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය අතරතුර දී චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් පැවැත්වූ අතර සෞඛ්‍ය, අධ්‍යාපන මෙන් ම සමාජීය හා ආර්ථික සංවර්ධනයට අදාළ ව විශේෂ ගිවිසුම් 04ක් ද අත්සන් කරනු ලැබීය.