ගෝවා හි පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. 8වන වරට පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේ සත්කාරකත්වය හා සභාපතිත්වය මෙවර ඉන්දියාවට හිමිව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගි වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවය.
ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව යන නැගී එන ලෝක බලවතුන් සමග බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් හි නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙන අතර සමස්ත ලෝක ජනතාවගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙම සංවිධානයට ඇතුළත් වන වේ.