පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිහිටි ජනාධිපති, අගමැති, නීතිපති ඇතුළු ඉහළ පෙළේ පිරිස් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානය ඊයේ (19දා) පෙරවරුවේ ක්‍රියාවිරහිත වී ඇත.
මේ බව හඳුනාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය විසින් සිදුකළ සෝදිසි කිරීමකදීය.
ඒ හේතුවෙන් ඊයේ(19දා) දවස පුරා අග්‍රාමාත්‍යවරයා භාවිත කළේ පාර්ලිමේන්තුවේ අනිකුත් පිරිස වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානයයි.
මේහේතුවෙන් අග්‍රාමාත්‍යවරයා එම විදුලි සෝපානය භාවිත කරන අවස්ථාවේදී සාමාන්‍ය සේවකයන් දැඩි අපහසුතාවට පත්ව තිබිණි.