2017 වසරට අදාළව රජයේ වියදම් ඇස්තමේන්තුව ඇතුළත් කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වැය ශීර්ෂ ඉහළ දමා තිබෙන අතර රජයේ මුළු වියදම්වලට අමතරව රක්ෂක,අධ්‍යාපන,උසස් අධ්‍යාපන,සෞඛ්‍ය,පළාත් සභා සහ පළාත් පාලන යන විෂයයන් සඳහා වියදම් අඩුකර තිබේ.
පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සමග සැසඳීමේදී මේ බව පැහැදිලි වෙයි.ඊයේ (20දා) ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් ඇතුළුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් කෝටි 181,905 කි. අමාත්‍යාංශ අතරින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි 28,404 ක් බව විසර්ජන පනත් කෙටුම්පතෙහි සඳහන් වෙයි.
ජනාධිපතිවරයා සඳහා රුපියල් කෝටි 645ක්ද, අගමැති කාර්යාලය සඳහා රුපියල් කෝටි 125ක්ද ලබන වසර සඳහා වෙන් කර තිබේ.මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 24,280ක්ද, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 21,412ක්ද, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,340ක්ද, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,097ක්ද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 7,694ක්ද ලබන වසර සඳහා වෙන්කර තිබේ.
පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මගින් රජයේ මුළු වියදම් සඳහා රුපියල් කෝටි 19,4140 ක් වෙන්කර තිබූ අතර, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 30,660 ක් වෙන් කර තිබිණි.2016 වසරට අදාළව පසුගිය වසරේ ඉදිරිපත් කල විසර්ජන පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි 230ක්ද, අගමැතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි 40ක්ද වෙන්කර තිබිණි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 23,700ක්ද, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 18,500ක්ද, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 17400ක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 17,140ක්ද, මුදල් අමාත්‍යාංශයට රුපියල් කෝටි 10,700ක්ද පසුගිය වසරේ ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත මගින් වෙන්කර තිබිණි.
රවි කරුණානායක මහතා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ
රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 16,520 ක්,
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 6839ක්ද,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට රුපියල් කෝටි 5762ක්ද,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට රුපියල් කෝටි 5,129ක්ද,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 4452ක්ද,
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2284ක්ද,
කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් කෝටි 2139ක්ද,
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 2003ක්ද,
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 1744ක්ද,
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1624ක්ද,
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 1580ක්ද,
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 1255ක්ද,
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සදහා රුපියල් කෝටි 1254ක්ද,
අධිකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 1023ක්ද,
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයට රුපියල් කෝටි 992ක්ද
විදේශ කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 968ක්ද,
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට රුපියල් කෝටි 959ක්ද
ඉඩම් අමාත්‍යාංශයට රුපියල් කෝටි 853ක්ද,
ග්‍රාමිය ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 833ක්ද,
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් කෝටි 822ක්ද,
අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හාසංස්කෘතික අමාත්‍යාංශයට රුපියල් කෝටි 792ක්ද,
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 573ක්ද,
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයට රුපියල් කෝටි 572ක්ද,
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට රුපියල් කෝටි 567ක්ද
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 461ක්ද,
ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 448 ක්,
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 427ක්ද,
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශයට රුපියල් කෝටි 350ක්ද
කදුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 336ක්ද,
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් කෝටි 316ක්ද
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 299ක්ද,
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට රුපියල් කෝටි 245ක්ද
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 236ක්ද
බුද්ධශාසන අමාත්‍යාංශයට රුපියල් කෝටි 186 ක්,
ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන අමාත්‍යාංශයට රුපියල් කෝටි 183ක්ද
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට රුපියල් කෝටි 105ක්ද,
තැපැල්, සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයට රුපියල් කෝටි 95ක්ද,
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 85ක්ද,
විදේශ රැකියා අමාත්‍යාංශයට රුපියල් කෝටි 69ක්ද,
ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයට රුපියල් කෝටි 67ක්ද,
ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 62ක්ද
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 43ක්ද,
ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් කෝටි 31ක්ද,
විශේෂ කාර්යභාර අමාත්‍යාංශයට රුපියල් කෝටි 11ක්ද,
විවිධ විෂයයන් සඳහා මුදල් වෙන් කිරීමේදී
මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් කෝටි 452ක්ද,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා රුපියල් කෝටි 205ක්ද,
විගණකාධිපති සඳහා රුපියල් කෝටි 148ක්ද,
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා රුපියල් කෝටි 31ක්ද,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා රුපියල් කෝටි 19ක්ද වශයෙන් මුදල් වෙන් කර තිබේ.
පුනරාවර්තන වියදම් දෙස අවධානය යොමු කිරීමේදී වැඩිම පුනරාවර්තන මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි 25,180 කි.
මීට අමතරව මුදල් අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 19,970ක්ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,453ක්ද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 16,280ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 12,055ක්ද, අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 3624ක්ද, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි 2994ක්ද, ජනාධිපතිවරයා සඳහා රුපියල් කෝටි 195ක්ද, අගමැති කාර්යාලය සඳහා රුපියල් කෝටි 77ක්ද ලබන වසරේ පුනරාවර්තන වියදම් සඳහා වෙන්කර තිබේ.
අඩුම පුනරාවර්තන මුදලක් වෙන්කර ඇත්තේ විශේෂ කාර්යභාර අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි 6.5 කි.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේ මෙම විසර්ජන පනත් කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි.
සම්පූර්ණ අයවැය නොවැම්බර් 10 වැනිදා සිදුකරන අතර, දෙවැනි වර කියැවීමේ විවාදය නොවැම්බර් 11 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙයි. දෙවැනි වර කියවීමේ ඡන්දය නොවැම්බර් 18 වැනිදා පැවැත්වෙන අතර, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 19 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙයි. අවසාන ඡන්ද විමසීම සිදුකරනු ලබන්නේ දෙසැම්බර් 10 වැනිදාය.