ඉහළ නායකයන්ගේ අදාර්ශ පහළට ගලා යන හෙයින් ජනපති, අගමැති හා ඇමතිවරුන් ආදර්ශවත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ වදාළහ.
උන්වහසේ එසේ වදාළේ උන්වහසේ පිළීගැනීම හා උපහාර පිදීම සඳහා බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ ඉකුත් ( 9 දා)පැවති උත්සවයකදීය.
එසේම රට නොබෝ දිනකින් අවසන් නොවිය යුතු බවත් ප්‍රධාන ජාතිය ලෙස සිංහල බෞද්ධයන්ට විශේෂ අයිතියක් තිබිය යුතු බවත් උන්වහන්සේ වදාළහ.
“පොඩි අය ආදර්ශයට ගන්නේත්,පොඩි අයට බලපාන්නේත්, ප්‍රධානීන්ගේ ක්රියාකාලාපයයි. ඒ නිසා ජන නායකයෝ ආදර්ශවත් වෙන්න ඕන.දේශපාලන අධිකාරියේ හැමදෙනාම ඇත්තටම ආදර්ශවත් වෙන්න ඕන.බෞද්ධයන් වෙන්න ඕන.ඒ අයගේ හැඟීම් තමයි මුළු රටටම බලපාන්නේ .
ඒ නිසා භික්ෂූන් වහන්සේලා අදර්ශවත් වෙන්න ඕන. ඒවගේම දේශපාලන අධිකාරිය ,ජනාධිපතිතුමා , අගමැතිතුමා මැතිඇමතිවරු ආදීන් ආදර්ශවත් වෙන්න ඕන.ඉතින් එහෙම වෙනකොට අපි සතුටු වෙනවා.එහෙම නොවෙනකොට සමහර විට රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් අපිටයම් යම් දේ ප්‍රකාශ කරන්න වෙනවා.
ජාතියේ මුර දෙවතාවෝ කියලා තමයි හාමුදුරුවෝ හඳුන්වලා තියෙන්නේ.හොඳ වුණත් නරක වුණත් කතා කරන්න වෙනවා. ඒ නිසා ජාතිය ගැන, රට ගැන අපි කතා කරනවා.බොහෝවිට ඒවාට රටේ මැති ඇමතිවරු රටේ ජනාධිපතිතුමා අවධානය යොමු කරන්න ඕන.
මේ රට අදින් හෙටින් ඉවර වෙන්න බැහැ. මේ රටේ සිංහලයො බෞද්ධයො ඉන්න ඕන.ඒවගේම ඒයට ප්‍රධාන ජාතිය විදිහට විශේෂ අයිතියක් තියෙනවා.කතා කරන්නේ ජාති බේදය අවුස්සන්න නෙවෙයි.අපේ සිංහලයන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගන්නයි අපි කතා කරන්නේ.ඒ ඒ ජාතීනුත් කතා කරන්නේඔවුන්ගේ අනන්‍යතාව රැකගන්නයි.
එතකොට අපි කතා කරනකොට සමහර විට බොහෝදෙනා කියනවා මේ ජාතිවාදය අවුස්සනවා කියලා. එහෙම එකක් නැහැ.අපේ ජාතිය ආරක්ෂාවෙන්න ඕන” යැයි උන්වහන්සේ වැඩිදුරටත් අනුශාසනා කළහ.