ජනපති, අගමැති කාර්යාල සහ මන්දිර ඇතුළු සියලුම ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි පාර්ලිමේන්තුව අසලට ගෙන එන බවත්, ජයවර්ධනපුර - කඩුවෙල අතර ප්‍රදේශය පරිපාලන කලාපයක් බවට පත්කරන බවත් මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ විවාදයට ගන්නා කාරක සභා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එමෙන්ම භූගෝලීය පිහිටීම භාවිත කර විධිමත් වරාය නරගයක් ස්ථාපිත කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති අතර, එය චීන වරාය නගරයට වඩා වෙනස් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.