තමන් හා ජනපතිවරයා රටේ ගමන්මග වෙනස් කරන බව පසුගිය මැතිවරණයේදී ප්‍රකාශ කළ බවත් ජනතා වරම ලැබුවේ එයට බවටත්, තමන් ඒ පොරොන්දුවෙන් පිට නොයන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමේ වර්තමාන දේශපාලන වාතාවරණය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ. එක් එක් පක්ෂයන්හි නාමයෝජනා පිළිබඳව තමන් උනන්දුනොවන බවත් ජනතාව තමන්ට අවශ්‍ය පුද්ගලයින් තෝරාපත්කර ගනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රබලයෙක් වන එස්.බී. නාවින්න මහතා එජාපයට සාදරයෙන් පිළිගන්නා බවත්, වයඹ පළාතේ මැතිවරණයේදී ඔහු විශාල කාර්යයක් ඉටුකරනු ඇති බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කරයි.