රටේ ජනතාවගේ මුදලින් ජීවත්වීමට තමන්ට අවශ්‍ය නැති බවත්, එහෙයින්ම තමන් ඇමතිවරයෙකුට හිමි නිලනිවස, නිල වාහනය ලබානොගත් බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
දිවුලපිටියේ පැවැති එජාප ක්‍රියාකාරී හමුවකදී ඔහු මෙම අදහස් ඊයේ (19දා) දැක්වීය. තමන්ව ජීවත්කරවීමට තමන්ට අවශ්‍ය නැති බවත් අවශ්‍ය වන්නේ ජනතාව ජීවත්කරවීම බවත් ඔහු සඳහන් කළේය.
“පාර්ලිමේන්තුවේ හිටපු සමහරු කුඩු ගෙනාවා. එතනෝල් ගෙනාවා. බාර් දමාගෙන රට විනාශ කරන්න හැදුවා. මේ අය ජනතාවගේ මුදලින් සාක්කු පුරවා ගත්තා. සුදු වෑන් සංස්කෘතිය ඇති කරලා දේශපාලන මතයක් දරන්න ඉඩ දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ඇතුලු කණ්ඩායම අද වේදිකාවේ රට ගැන කතා කරමින් එන්නේ ආයෙත් සාක්කු පුරවා ගන්නයි”
මීරිගම එම්.එම්. කාන්ති