රටේ ජනතාවට නීතිය අනුව ජීවත්වන ලෙසට තමන් ඉල්ලීමක් කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකොරා මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ, ඊයේ (27දා) පැල්මඩුල්ල, කිරිබත්ගලදී පැවැති ආගමික වැඩසටහනකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“කවුරුත් දන්නවනේ මේ රටේ අධිකරණ අමාත්‍යාංශයක් තිබුණා. මට ඉතින් ඉල්ලන්න තියෙන්නෙ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව රටේ ජනතාව ජීවත් වෙන්න ඕනි.
ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙක් විවේචනය කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. කලින් වගේ එක පිරිසක් නෙවෙයිනේ තීන්දු තීරණ ගන්නේ. සාමූහිකව කතා කරලා තමයි තීරණ ගන්නේ.
සමහර විවේචන ඇත්ත වෙන්න පුළුවන්. සමහර විවේචන බොරු වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන පුද්ගලයා හා කරන විවේචනය දිහා බලලා ජනතාව තීරණය කරයි.” යැයි පවසා සිටියාය.