ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්
- 29 10 2017
- 19:20
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනතාව සීනි පරිභෝජනයෙන් මුදවා ගැනීම සඳහා පැණිබීම වල ග්‍රෑම් 6ට වඩා සිනි ඇත්නම් එම සෑම සීනි ග්‍රෑමයක් සඳහාම රුපියලක බද්දක් අයකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කොළඹදී අද පැවැතී උත්සවයකදී ඔහු මෙම අදහස් දැක්වීය.
“සියලුම පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා ඒ ජනතාව සීනි පරිභෝජනයෙන් අවම කර ගැනීම සදහායි. රෝහල්වල මියයන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්.
ඉදිරියේ දී සීනි පරිභෝජනය අවම කිරීම සදහා පැණිබීම වර්ග වල ග්‍රෑම් 6 ට වඩා සීනි තිබෙන්නේ නම් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව තිබෙනවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

