(VIDEO) ජනතාව සමග එක්ව ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරන බවත්, තමන් ඇමතිකම ලබාගැනීම පිළිබඳ ජනතාවගේ විරෝධයක් තිබුණු බවත් සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.
අරුන්දික ප්‍රනාන්දු මහතා අද (12දා) නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.
“මාව පත්කරලා එවල තිබෙන්නේ ජනතාව. මම ඇමතිකම ඒ මිනිස්සුන්ගේ විරුද්ධත්වයත් තිබුණා. මොකද මේ ආණ්ඩුව හරියට වැඩ කරපු නැති නිසා. දැන් තනතුරුවලින් ඉවත් වෙලා ජනතාව සමග එකතු වෙලා ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් අයගෙන් ඉල්ලවා මේ ආණ්ඩුව යන විනාශකාරී ගමනට විරුද්ධ වෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙකුත් අමාත්‍යවරුන්ට කියනවා අපි කොන්දක් තබාගෙන වැඩ කරමු කියලා” යැයි හෙතෙම පවසා සිටියේය.