ඡායාරූප කලා සංගමයේ ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය ඇරඹේ
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 18 වැනි ජාත්‍යන්තර ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනය කලා සූරීන් එඩ්වින් ආරියදාස සහ විශාරද නන්දා මාලනීගේ ප්‍රධානත්වයෙන් අද (15දා) කොළඹ 07 පිහිටි ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී විවෘත කෙරිණ.
මෙම ප්‍රදර්ශනය අද (15දා) සිට 17 වැනිදා දක්වා ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
මෙහිදී ඡායාරූප ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයන් වෙත හා ඡායාරූප සංගමයේ තරග සඳහා සහභාගී වූ සාමාජික සාමාජිකාවන් වෙත තිළිණ හා සහතික පත් පිරිනැමීම සිදුකෙරිණ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගීවූ විශාරද නන්දා මාලිනී මහත්මියට, එඩ්වින් ආරියදාස සූරීන්ට හා සංගමය වෙනුවෙන් කැපවූ මංගල එදිරිසිංහ හා සමන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ ගෞරව සහභාගී සාමාජිකත්ව පිරිනැමීය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ සභාපති ආචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල හා ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් සහ සංගමයේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

