ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ට වැටුප් හා දීමනා ලබාදීම සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අද (21දා) සවස පැවැති ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 68ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද කිසිවක් ඉදිරිපත් නොවුණි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, ඡන්දය විමසන අවස්ථාවේදී එම කණ්ඩායමේ මන්ත්රිවරුන් සියලුදෙනා සභාවෙන් ඉවත්ව සිටීම විශේෂත්වයක් විය.
ආණ්ඩු පක්ෂය සමග ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කළේය.