මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද හිමි නාමලේඛන ප්රදර්ශනය කිරීම අද (03දා) සිට ආරම්භ වේ. තැපැල් ඡන්දදායකයන් සිය ඉල්ලුම්පත් නිවැරදිව සම්පූර්ණ කර ලබන 14 වැනිදාට පෙර අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යොමුකළ යුතු බවත්, එලෙස ප්රදර්ශන කෙරෙන ඡන්ද හිමි නාමලේඛනවලින් තොරතුරු ලබාගැනීමට නොහැකි අයදුම්කරුවන්ට මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකි බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.