මේ වනවිට ලොව විශාලම මැතිවරණය ඉන්දියාවේ ක්රියාත්මක වෙමින් තිබේ. ඒ සඳහා ලෝකයේම අවධානය යොමුව ඇති අතර, තමිල්නාඩුවේදී දෙමළ ජනයාගේ ඡන්ද වඩාත් වැදගත් සාධකයකි.
එහෙයින් දෙමළ පක්ෂ සිය ජන්ද ප්රමාණය වැඩි කරගැනීමට උත්සාහ ගන්නා බව බොහෝදෙනෙක් දන්නා කරුණකි.
මේ පිළිබඳව වාර්තා කරමින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් සේවය සඳහන් කළේ තමිල්නාඩු පක්ෂවලට මැතිවරණ සමයේදී ශ්රී ලංකාවේ දමිළ සරණාගතයන් පිළිබඳව ජන්ද කාලසීමාවේදී සිහියට නැගුණද ඡන්දය අවසන් වූ වහාම ඒ පිළිබඳව අමතක වන බවයි.