පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යමින් තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන යෝජනා හේතුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මැතිවරණය කල් යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරදින් බවට එක්සත් ජාතික පක්ෂයේ සමහර පිරිස් පවසන බවත්, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණවලට බිය නොවන බවත් ඔහු පවසා සිටියේය.
සීමා නිර්ණය සම්බන්ධයෙන් වැඩිම අභියාචනා ඉදිරිපත් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසින් බවත්, තවදුරටත් ගැටලු ඇති බව ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ සිටින පක්ෂ කිහිපයක් බවත් හෙතෙම සඳහන් කළේය.