ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා තම නම ජන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) ඇමැතීමෙන් තහවුරු කර ගත හැකි වේ.
මේ අනුව බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්දය භාවිත කිරීම සදහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි යන්න පිළිබඳව දැනගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
විශේෂයෙන්ම තැපැල් ඡන්ද දායකයන්ට සිය අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය මූලික තොරතුරුද මෙමගින් දැනගත හැකිවීම විශේෂත්වයකි.