සියලු පක්ෂ සමග සාකච්ඡාකර නව මැතිවරණ ක්රමය ගැන අවසන් එකඟතාවට මේ වසර අගවන විට පැමිණිය හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60ක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්න්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකදී ඔහු මේ බව අද (30දා) සඳහන් කළේය.