ඉන්දියාවේ චෙන්නායි වෙත බලපෑ අයහපත් කාලගුණයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා චෙන්නායි ගුවන්තොටු පොළ වසා දැමීමෙන් ඉන්දියාවේ දින කිහිපයක් රැඳී සිටීමට සිදුවූ ශ්රී ලාංකීක ගුවන් මගීන් විශේෂ ගුවන් යාන කිහිපයකින් අද (06දා) දිවයිනට පැමිණියහ.
ශ්රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා ගුවන් සමාගම එක්ව මෙම විශේෂ ගුවන් යානා සූදානම් කර මෙම මගීන් පිරිස දිවයිනට රැගෙන එනු ලැබූ අතර, ඔවුන් බුද්ධගයාව වන්දනාවේ ගොස් සිටියදී ගංවතුරට කොටුවූ අතර, එම පිරිස ගයාවේ බෞද්ධ සිද්ධස්ථානයක රැඳී සිට ඇත.